මාළු පෙන්වා කිලෝ ගණන් ගංජා ඇදපු හාදයෝ කොටුවෙති

කිලෝග්‍රෑම් 200ක් බරැති කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (09) පෙරවරුවේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව – පිටිපන, ලෙල්ලම ප්‍රදේශයේ දියි.

සැකකරුවන් විසින් ඉතා සූක්ෂ්ම අයුරින් මාළු ප්‍රවාහන කරනු ලබන අධිශීතකරණ ලොරියක මෙම කේරළ ගංජා තොගය සඟවාගෙන ගොස් තිබෙනවා.

අත්අඩංගුවට ගත් කේරළ ගංජා ප්‍රමාණයේ වටිනාකම රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක් වටිනාකමක් ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ දුන්ගාල්පිටිය පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.

ධීවර බෝට්ටු මගින්, මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරන්නට ඇතැයි සැක කෙරෙන මෙම කේරළ ගංජා තොගය, පැකැට් 91ක් ලෙස සකස් කර ඒවා ගෝනි 05ක අසුරා, පමුණුගම සිට මීගමුව දෙසට ප්‍රවාහනය කරමින් සිටියදීයි මෙලෙස සොයා ගැනුණේ.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 හා 42ක වියැති මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31