මාස හයක පාර්ලිමේන්තු වැටුප තිස්ස කුට්ටිආරච්චි රජයට නැවත පරිත්‍යාග කරයි..?

අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පය මුල් කර ගෙන තම මාස හයක පාර්ලිමේන්තු වැටුප රජයට නැවත පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රි ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා පැවසීය. 

ඔහු මේ බව සදහන් කලේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඇත්තටම මේ වෙලාවේ සමස්ථ රටේම ජනතාව දැඩි පීඩනයෙන් ඉන්න අවස්තාවක්. දේශපාලඥයින් විදිහට මම හිතන්නේ මේ වේලාවේ රටේ පවතින ඇත්ත තත්වය ගැන කතා කරන්න  ඕනි කියලා. මේ වෙලාවේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. ආනයන සීමා පනවලා තියෙනවා. මේ වෙලාවේ රට ඉදිරියට ගෙන යෑමේ දැවැන්ත අර්බුද තත්වයක් ඇති වෙලා තියෙන්නේ.

මේ වෙලාවේ අපි දේශපලන පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්නවා වෙනුවට ආණ්ඩුව පෙරලලා තව ආණ්ඩු හදනවා වෙනුවට ඒ මානසික මට්ටමින් ගම්වල නගරවල අත් පත‍්‍රිකා බෙදනවා වෙනුවට ගැට`එ කාරි තත්වයන් විවේචනය කරනවා පැත්තකින් තියලා මේ වෙලාවේ කරන්න  ඕනි හොදම දේ තමයි පක්ෂ පාඨ ගැන කල්පනා නොකර අපි රට ගැන කල්පනා කිරීම.

මේ ඇතිවෙලා තියෙන තත්වයට ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව වග කියන්න  ඕනි කියලා කවුරු හරි හිතනවානම් ඒක දේශපාලන කුහක කමක් කියලයි මම දකින්නේ. මම මේ වේලාවේ යෝජනාවක් හැටියට කරන්නේ අපි හැම දෙනාම මේ වෙලාවේ යම් කැපකිරීමක් කරන්න  ඕනි කියලා.

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන සංකල්පය මූලික කරගෙන මම යෝජනාවක් කරනවා මේ අයහපත් කාලයේ අපි සියලු දෙනාම කැපකිරීම් කරමු කියන සංකල්පයේ ඉදගෙන මගෙන් පටන්ගමු කියන වැඩ සටහන ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්නවා.

මේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.

මේ අනුව යමින් මගෙන් පටන් ගමු කියන අදහස අනුව පාර්ලිමේන්තු මහලේකම් වරයාට මම ලිපියකින් දැනුම් දෙනවා මගේ මාස හයක වැටුප කපාගෙන ජනතාව වෙනුවෙන් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට යොමු කරන්න කියලා. මේ පිළිබදව යෝජනාවක් මම අතිගරු ජනාධිපති තුමාටත් ගෙන එනවා. අනුන් කරනකම් බලාගෙන ඉන්නේ නැතිව අපේ මන්ත‍්‍රිවරු මුලින්ම ආදර්ශවත් විය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?