මාස හයක පාර්ලිමේන්තු වැටුප තිස්ස කුට්ටිආරච්චි රජයට නැවත පරිත්‍යාග කරයි..?

අවවාදයට වඩා ආදර්ශය උතුම් යන සංකල්පය මුල් කර ගෙන තම මාස හයක පාර්ලිමේන්තු වැටුප රජයට නැවත පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රි ජානක තිස්ස කුට්ටි ආරච්චි මහතා පැවසීය. 

ඔහු මේ බව සදහන් කලේ බණ්ඩාරවෙල ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“ඇත්තටම මේ වෙලාවේ සමස්ථ රටේම ජනතාව දැඩි පීඩනයෙන් ඉන්න අවස්තාවක්. දේශපාලඥයින් විදිහට මම හිතන්නේ මේ වේලාවේ රටේ පවතින ඇත්ත තත්වය ගැන කතා කරන්න  ඕනි කියලා. මේ වෙලාවේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා. ආනයන සීමා පනවලා තියෙනවා. මේ වෙලාවේ රට ඉදිරියට ගෙන යෑමේ දැවැන්ත අර්බුද තත්වයක් ඇති වෙලා තියෙන්නේ.

මේ වෙලාවේ අපි දේශපලන පක්ෂ වලට බෙදිලා කුලල් කා ගන්නවා වෙනුවට ආණ්ඩුව පෙරලලා තව ආණ්ඩු හදනවා වෙනුවට ඒ මානසික මට්ටමින් ගම්වල නගරවල අත් පත‍්‍රිකා බෙදනවා වෙනුවට ගැට`එ කාරි තත්වයන් විවේචනය කරනවා පැත්තකින් තියලා මේ වෙලාවේ කරන්න  ඕනි හොදම දේ තමයි පක්ෂ පාඨ ගැන කල්පනා නොකර අපි රට ගැන කල්පනා කිරීම.

මේ ඇතිවෙලා තියෙන තත්වයට ජනාධිපතිතුමා සහ මේ ආණ්ඩුව වග කියන්න  ඕනි කියලා කවුරු හරි හිතනවානම් ඒක දේශපාලන කුහක කමක් කියලයි මම දකින්නේ. මම මේ වේලාවේ යෝජනාවක් හැටියට කරන්නේ අපි හැම දෙනාම මේ වෙලාවේ යම් කැපකිරීමක් කරන්න  ඕනි කියලා.

අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන සංකල්පය මූලික කරගෙන මම යෝජනාවක් කරනවා මේ අයහපත් කාලයේ අපි සියලු දෙනාම කැපකිරීම් කරමු කියන සංකල්පයේ ඉදගෙන මගෙන් පටන්ගමු කියන වැඩ සටහන ආරම්භ කරමින් පාර්ලිමේන්තුවේ 225 ක් ඉන්නවා.

මේක ආන්දෝලනාත්මක කාරණයක්. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ වැටුප මාස 6 ක් කප්පාදු කරලා මහා භාණ්ඩාගාරයට යවන්න පුළුවන් කමක් තියෙනවානම් ඒක මේ රටේ අර්බුදකාරි අවස්තාවට යම් පිළියමක් වෙනවා.

මේ අනුව යමින් මගෙන් පටන් ගමු කියන අදහස අනුව පාර්ලිමේන්තු මහලේකම් වරයාට මම ලිපියකින් දැනුම් දෙනවා මගේ මාස හයක වැටුප කපාගෙන ජනතාව වෙනුවෙන් බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට යොමු කරන්න කියලා. මේ පිළිබදව යෝජනාවක් මම අතිගරු ජනාධිපති තුමාටත් ගෙන එනවා. අනුන් කරනකම් බලාගෙන ඉන්නේ නැතිව අපේ මන්ත‍්‍රිවරු මුලින්ම ආදර්ශවත් විය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25