මාස තුනට අලි 74 ක් හා ජිවිත 14 ක් රටට අහිමි වෙයි

අද මාර්තු 9 වෙනිදා,මේ වසරේ තවම මාස තුනක්වත් සම්පුර්ණ වෙලා නැහැ.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තුමේන්තුව අද නිකුත් කළ නිවේදනයක සඳහන්වෙලා තිබුනේ හද කම්පා කරවන පුවතක්.

ඒ තමයි මේ අවුරුද්දේ මාස තුනක් පිරෙන්නත් කලින් අද වෙනකොට අලි-මිනිස් ගැටුමෙන් පුද්ගලයින් 14 දෙනෙකුටත් අලි ඇතුන් 74කටත් දිවි අහිමි වෙලා.

අනුරාධපුරයේ අලි 18ක්,නැගෙනහිරින් අලි 18ක් වගේම පොළොන්නරුවෙන් අලි මරණ 15ක් අලි ඇතුන්ගේ මරණ ලැයිස්තුවට ඇතුළත්.

ගෙවීගිය 2022 වසරේදී මිනිස් ජිවිත 145 ක් හා අලි ඇතුන් 433ක් නොවිසිදුණු මේ ගැටලුවෙන් අහිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?