මාස කිහිපයක් තුළ එකම පුද්ගලයෙකුට ලොතරැයි සුපිරි ත්‍යාග දෙකක්

ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝර් නගරයේ පුද්ගලයෙකු දෙවන වතාවටත් ලොතරැයියකින් දැවැන්ත මුදල් ත්‍යාගකය් දිනාගෙන තිබෙනවා.

ඇමසන් සමාගමේ සේවකයෙකු වන ඔහු ඩොලර් 5ක් ගෙවා මිලදී ගත් සූරන ලොතරැයියට ඩොලර් 50,000 ක ත්‍යාගයක් ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මාස කිහිපයක් ඇතුලත ඔහු දිනා ගත් දෙවන විශාල ත්‍යාගය මෙය ලෙසට සැලකෙනවා.

56 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය ජනවාරි මාසයේදී ද මේ හා සමාන ලොතරැයියකින් ඩොලර් 30,000ක ත්‍යාගයක් දිනාගෙන ඇති බව මේරිලන්ඩ් ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔහු මෙම මාසයේ ත්‍යාගය දිනා ගෙන ඇත්තේ මත්පැන් අලෙවිසැලක දී සූරන ලොතරැයියක් මිලදී ගැනීමෙන් පසුවයි.

මෙම දිනුම හිමිවීම තමාට විශ්වාස කිරීමට නොහැකි වූ බව නම සඳහන් නොකළ මෙම ජයග්‍රාහකයා ප්‍රකාශ කර තිබෙනවා.

මෙම පුද්ගලයා ලොතරැයි මණ්ඩල නිලධාරීන්ට පවසා ඇත්තේ මෙම ජයග්‍රාහී මුදල් වියදම් කරන්නේ කෙසේදැයි මෙතෙක් තීරණය කර නොමැති නමුත් තම පෙම්වතියගේ 60 වැනි උපන්දිනය වෙනුවෙන් ඇය සමඟ නිවාඩුවක් ගත කළ හැකි බවයි.

ඔහු නව මෝටර් රථයක් මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

ජහග්‍රාහී ඩොලර් 50,000 ත්‍යාගය ඔහු මිල දී ගත් සූරන ටිකට් පතක් සඳහා ලබා ගත හැකි ඉහළම ජයග්‍රහණය ද වනවා.

Crazy 8s නම් මෙම ලොතරැයිය මගින් ත්‍යාග ලක්ෂ ගණනක් ප්‍රදානය කළ ද බොහෝමයක් ත්‍යාග ඩොලර් 5 සිට 1,000 දක්වා අතර පරාසයක පමණක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ඔහු ලොතරැයි මිලදී ගත් මත්පැන් අලෙවි සැලට ද Maryland Lottery වෙතින් ඩොලර් 500ක ප්‍රසාද දීමනාවක් ලැබෙනු ඇති.

මේ අතර පසුගිය 4 වනදා කැනඩාවේ සරසවි සිසුවියක් ඇය සිය ජීවිතයේ මිලදී ගත් පළමු ලොතරැයියෙන් ම සුපිරි ත්‍යාගය ජයග්‍රහණය කළා. ඇය ජයග්‍රහණය කළ මුදල ඩොලර් මිලියන 48ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?