මාලදිවයින් රජය පෙරළිමේ කුමන්ත්‍රණයක්

විදේශ ගනුදෙනු අත්හිටුවීමට මාලදිවයින් බැංකුව (BML) ගත් තීරණයෙන් පසු විපක්ෂය කුමන්ත්‍රණයක් කිරීමට උත්සාහ කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාලදිවයිනේ පොලිස් සේවය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මාලදිවයින් රුපියා ගිණුම්වලට අදාළ හර සහ ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා දීමනා, මෙලෙස අත්හිටවූ බව එරට මාධ්‍ය වාර්තා කළා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය කියා සිටියේ විපක්ෂයේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (MDP) රජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය හමුවක් අමතමින් සිටියදී රජයට අයත් මාලදිවයිනේ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද තීරණයෙන් බොහෝ දෙනෙක් කම්පනයට පත් වූ බවයි.

ඒ අතරම, “බොට් ගිණුම්” සිය ගණනක් සමාජ මාධ්‍යවල සක්‍රීය වූ බව පොලිසිය ප්‍රකාශ කළේය.

එම ගිණුම් හරහා රජය පෙරළීමට පාරට බසින ලෙස නිවැසියන්ගෙන් ඉල්ලා සිටි බව පොලිසිය පවසනවා.

මුයිසු පරිපාලනය විසින් ලබා දුන් උපදෙස්වලට පටහැනිව BML හි තීරණයෙන් පසු විපක්ෂයේ ක්‍රියාමාර්ගය, පොලිස් ප්‍රකාශයට අනුව රජය පෙරලීමේ උත්සාහයක් බවට විශ්වාස කිරීමට හේතුවක් වනවා.

BML හි අධ්‍යක්ෂ මණ්ඩලය සෙනසුරාදා තීරණය ගෙන ඉරිදා එය ප්‍රකාශ කරන අතරවාරයේ විපක්ෂයේ ආන්ඩුව පෙරලා දැමීමට උත්සාහ කරන බවට පොලිසිය චෝදනා කර ඇත.

පාලක මහජන ජාතික කොංග්‍රසයේ (පීඑන්සී) රැලියකදී ද එවැනිම චෝදනා එල්ල වීමෙන් පසුව පොලිසිය මෙම ප්‍රකාශය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
10
+1
21
+1
7
+1
32
+1
12
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?