ජාතික ජන බලවේගය එක්ව බිඳ දැමූ ඉතිහාසගත වාර්තා මෙන්න

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ ඉතිහාසයේ දී තනි පක්ෂයක් සන්ධානගත නොවී ලද විශාලම වාර්තාගත ජයග්‍රහණය ඊයේ (15) නිමාවට පත් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී වාර්තා වුණු ප්‍රතිඵල අනුව දැකිය හැකි වනවා.

ඒ අනුව යම් කිසි තනි පක්ෂයක් මහ මැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය 61.56%ක් ලෙස ලබාගන්නට ජාතික ජන බලවේගයට හැකි වුණා.

එම වාර්තාව මීට පෙර තබා තිබුණේ 2010 වර්ෂයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තම ඡන්ද ප්‍රතිශතය 60.33%ක් ලෙසට පත් කරගනිමින්.

මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන 152ක් ලෙස සටහන් කරගත් මාලිමා රජය මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කොට්ඨාස 136ක් දිනාගනිමින් තැබූ වාර්තාව ද බිඳ දැමුවා.

වැඩිම දිස්ත්‍රික්ක ගණනක් මැතිවරණයක දී ජයග්‍රහණය කළ පක්ෂය බවට දිස්ත්‍රික්ක 21ක් දිනාගත් මාලිමාව මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනූ වාර්තාව ද බිඳ දැමුවා.

ඊට අමතරව;

*මහ මැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

*දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

*වැඩිම (සියලුම) දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් තැපැල් ඡන්ද දිනාගත් අවස්ථාව (21)

*දකුණේ පක්ෂයක් උතුරු නැගෙනහිර ලබාගත් වැඩිම ජන්ද හා ආසන සංඛ්‍යාව

*මහ මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

*මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

*සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව

*මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව ලෙසයි මෙවර පාර්ලිමේන්තුව දිනූ ජාතික ජන බලවේගය ඉතිහාසගත වන්නේ.

466678018 996518035846509 4374758055193735731 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?