ජාතික ජන බලවේගය එක්ව බිඳ දැමූ ඉතිහාසගත වාර්තා මෙන්න

ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ ඉතිහාසයේ දී තනි පක්ෂයක් සන්ධානගත නොවී ලද විශාලම වාර්තාගත ජයග්‍රහණය ඊයේ (15) නිමාවට පත් වූ පාර්ලිමේන්තු මැතිවරණයේ දී වාර්තා වුණු ප්‍රතිඵල අනුව දැකිය හැකි වනවා.

ඒ අනුව යම් කිසි තනි පක්ෂයක් මහ මැතිවරණයක දී ලබාගත් වැඩිම ඡන්ද ප්‍රතිශතය 61.56%ක් ලෙස ලබාගන්නට ජාතික ජන බලවේගයට හැකි වුණා.

එම වාර්තාව මීට පෙර තබා තිබුණේ 2010 වර්ෂයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් තම ඡන්ද ප්‍රතිශතය 60.33%ක් ලෙසට පත් කරගනිමින්.

මහ මැතිවරණයක ජයගත් වැඩිම ඡන්ද කොට්ඨාස ගණන 152ක් ලෙස සටහන් කරගත් මාලිමා රජය මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් කොට්ඨාස 136ක් දිනාගනිමින් තැබූ වාර්තාව ද බිඳ දැමුවා.

වැඩිම දිස්ත්‍රික්ක ගණනක් මැතිවරණයක දී ජයග්‍රහණය කළ පක්ෂය බවට දිස්ත්‍රික්ක 21ක් දිනාගත් මාලිමාව මීට පෙර 2010 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික්ක 19ක් දිනූ වාර්තාව ද බිඳ දැමුවා.

ඊට අමතරව;

*මහ මැතිවරණයක ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව: 6,863,186 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ඡන්ද 6,853,960)

*දිස්ත්‍රික් මට්ටමින් දිනාගත් වැඩිම ආසන ගණන: 141 (මීට පෙර 2020දී පොදු ජන පෙරමුණ ආසන 128)

*වැඩිම (සියලුම) දිස්ත්‍රික්ක සංඛ්‍යාවක් තැපැල් ඡන්ද දිනාගත් අවස්ථාව (21)

*දකුණේ පක්ෂයක් උතුරු නැගෙනහිර ලබාගත් වැඩිම ජන්ද හා ආසන සංඛ්‍යාව

*මහ මැතිවරණයක වැඩිම ජාතික ලැයිස්තු ආසන: 18 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 17)

*මහ මැතිවරණයක ජයග්‍රහණය කළ වැඩිම ආසන: 159 (මීට පෙර 2020දී පොදුජන පෙරමුණ ආසන 145)

*සමානුපාතික ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආසන 225න් 2/3ක් ආසන තනි පක්ෂයක් විසින් දිනාගත් පළමු අවස්ථාව

*මීට පෙර මැතිවරණයේ 3% මට්ටමේ සිට රටක ඉතිහාසයේ මෙතරම් වාර්තා පිහිටවූ පළමු අවස්ථාව ලෙසයි මෙවර පාර්ලිමේන්තුව දිනූ ජාතික ජන බලවේගය ඉතිහාසගත වන්නේ.

466678018 996518035846509 4374758055193735731 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
QR එකේ ප්‍රශ්නය විසඳන්නේ නැතුව දැම්මේ ඇයි ? නලින්ද සියල්ල හෙළිකරයි..100%ක්ම හදලා ඉදිරිපත් කරන්න බෑනේ
04:36
Video thumbnail
මාලිමාව බහුජන බලයට බයයි - L බෝඩ් ආණ්ඩුවක් කියලා අපි කිව්වනේ
09:20
Video thumbnail
රාජපක්ෂලා, වික්‍රමසිංහලා ,ප්‍රේමදාසලාගේ සුද්දය නිසා ඉස්සර QR ආවේ..බිමල් සැරටම කිව්ව කතාව
04:54
Video thumbnail
පැය ගාණක් පෝලිමේ හිටියා - දැන් තෙල් නෑ
01:06
Video thumbnail
බම්බු තෙල් මට ඕනේ නෑ - මට කොටි ඩයස්පෝරාවෙන් දෙනවා
06:05
Video thumbnail
QR එක දෙන්න හේතු කියන්න බෑ..කිසිම දත්තයක් හරියට නෑ - අද ජනපති අනුර මාධ්‍ය අමතන බව සභානායක කියයි
05:02
Video thumbnail
අපේ ඇමතිව අපි ආරක්ෂා කරන්නේ නෑ
13:21
Video thumbnail
"තමන්ගේ වාහනයේ තනියම යන්නේ නැතුව කට්ටිය එකතුවෙලා යන්න" l Nalinda Jayatissa
02:24
Video thumbnail
බදාදා දිනය නිවාඩු දවසක් කළේ ඉන්ධන ඉතුරු කරගන්නද ? නලින්ද හෙළිකරයි
09:37
Video thumbnail
විපක්ෂයේ හොරු ඉන්නවා නම් අල්ලන්න - අලුත් හොරු ටිකත් අල්ලන්න
08:02