මාලිමාවේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ ධුරයට කණකොකා හඬලන ලකුණු

ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (22) දින නියම කළා.

පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු මහේන් ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවූවවා.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.

ඒ අනුව මේ මස 27 වන දාට පෙර සියලු වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හෙරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණු විශ්වවිද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ බවයි.

උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේදී ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවට තොරතුරු ලැබී තිබෙන බවත් පෙත්සමේ සඳහන් වෙනවා

රජයේ සේවයේ නිරතව සිටියදී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත් එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණ පනත හා අනෙකුත් ව්‍යවස්ථාපිත නීතීන් අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කරන ලෙස පෙත්සම්කරු පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

ඔහු මන්ත්‍රී ධුරය දැරීම සඳහා නුසුදුසු පුද්ගලයෙක් බව කියා සිටින පෙත්සම්කරු ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන කෝ වොරෙන්තෝ මැන්ඩා මූස් රිට්ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම මඟින් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
10
+1
4
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම..කාර් එක අනිත් පැත්ත ගහලා - කුඩේ කුඩු
00:59
Video thumbnail
ඔයාලාට මානසික රෝගයක් තියෙන්නේ..මනෝ ගනේෂන් නහුතෙටම තදවෙයි
04:59
Video thumbnail
ඔයාලා වගෙ කොන්ද පණ නැති රූකඩ නෙවෙයි රටවල් පාලනය කළේ..ඔයා ඉරානයට දෝහිකම් කළා
07:50
Video thumbnail
විජේට සිද්ධ වුණ දේ ගැන රූපා කුමාරතුංග කට අරියි..ප්‍රේමදාස සතුටු වුණා විජේව එළොව යැව්වට
02:53
Video thumbnail
චමීර සලේ ගැන කරපු ඇස් උඩයන හෙළිදරව්ව මෙන්න..සලේ කට ඇරියොත් කිසි කෙනෙකුට ගැලවෙන්න බෑ
09:23
Video thumbnail
රාජපක්ෂලාට හොඳම එකෙන් දෙසයි..පපුවට අත තියලා කතා කරන වුන් කම්බ හොරු..
02:25
Video thumbnail
වාසුදේවගෙන් ප්‍රබල හෙළිදරව්වක්.."රංග දිසානායකට එරෙහිව අපරාධ නඩුවක් වුණත් දාන්න පුළුවන්.."
03:08
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය..ත්‍රීවිල් එක ෆ්ලැට් වෙලාම ගිහින් - කුඩේ කුඩු
01:37
Video thumbnail
ජනතාවට ඉදිරි සති දෙකේ ලොකු අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා..මෙයාලා කතාවට විතරයි දක්ෂ
02:57
Video thumbnail
කුමාර තිරිමාදුර හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ..අනිවාර්යෙන්ම ඔයාලව උසාවියට ගේනවම තමයි
02:32