spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

මාලදිවයින බිලි ගන්නා ‘චයිනා වයිට්’

‘චයිනා වයිට්’ නම් මාරාන්තික ෆෙන්ටැනයිල් රසායනිකය අඩංගු කෘත්‍රිම මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒමේ බරපතළ තර්ජනයකට මාලදිවයින මුහුණ දී සිටිනවා.

මෝෆීන් මෙන් 900 ගුණයක් අධිබලැති මෙම ෆෙන්ටැනයිල් මරණීය අවදානමක් ගෙන එනවා.

අධි මාත්‍රාවෙන් චයිනා වයිට් භාවිතයෙන් සිදු වූ බවට සැක කෙරන මරණ කිහිපයක් ද වාර්තා වී ඇති අතර සෞඛ්‍ය සේවා වෘත්තිකයන් වාර්තා කරන්නේ චයිනා වයිට් භාවිතා කළ බවට පිළිගත් රෝගීන්ට ප්‍රතිකාර කරන බවයි.

හදිසි පියවරක් නොගතහොත් තවත් ජීවිත හානි ඉහළ යනු ඇතැයි ඔවුන් බිය පළ කරනවා.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල ඇති ෆෙන්ටැනයිල් හඳුනා ගැනීමට මූලික පරීක්ෂණ හැකියාවක් පවා නොමැති බැවින් මාලදිවයින පවතින්නේ දැඩි අනාරක්ෂිත තත්ත්වයකයි.

ඇබ්බැහි වූවන්ගේ හෙළිදරව් කිරීම් මත ජාතික මත්ද්‍රව්‍ය ඒජන්සියට නව කෘත්‍රිම තර්ජනය පිළිබඳ ව මුලින්ම දැනුම් දී තිබුණේ සතියකට පෙරදීයි.

චීන රජය විසින් ෆෙන්ටැනයිල් වැනි රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා සහනාධාර සහ බදු සහන ලබාදෙන බව එක්සත් ජනපද කොංග්‍රස් වාර්තාවක් අනාවරණ කර තිබෙන්නේ මෙවන් පසුබිමකයි.

වාර්තාවට අනුව ෆෙන්ටැනයිල් මෙක්සිකානු මත්ද්‍රව්‍ය කාටෙලයේ ප්‍රධාන අමුද්‍රව්‍යයකි.

ෆෙන්ටැනයිල් අර්බුදය අවුලුවාලීමෙන්, චීනය නරුම භූ දේශපාලනික උපක්‍රමයක් භාවිතා කරනවා විය හැකි යැයි ඇමෙරිකානු කොංග්‍රස් වාර්තාව යෝජනා කරනවා.

අනෙකුත් සමාජ දුර්වල කිරීමට සහ සූරාකෑමේ මාධ්‍යයක් ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීම මෙන් ම ව්‍යාකූලත්වයට හා ඇබ්බැහි වූ මත්ද්‍රව්‍යවලින් විනාශ වූ ජාතියක් චීන ආර්ථික, දේශපාලනික සහ මිලිටරි බලහත්කාරයෙන් වඩාත් අවදානමට ලක් කිරීම වාර්තාව පෙන්වාදෙන උපක්‍රම වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
40
+1
10
+1
8
+1
9
+1
4
+1
8
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?