AFC Banner
Empty Ad
Empty Ad

මාරුවට ඇඳුම් ඇඳ හැමෝටම කොවිඩ් හැදුනු හැටි

හෝමාගම දියගම මල්ශාලාවක කළමනාකරු ඇතුළු හත් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුව තිබෙනවා.

මීට දින කීපයකට පෙර මෙම මල්ශාලාවේ කළමනාකාරවරයාට සහ රියදුරුට කොරෝනා ආසාදනය වී තිබූ අතර පසුව ඔවුන්ගෙන් ආශ්‍රිතයින් ඉලක්ක කරගනිමින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී එම මල්ශාලාවේම සේවය කළ තවත් සේවකයින් පස්දෙනකුට වෛරසය ආසාදනය වී තිබූ බව වාර්තා වනවා.

මෙම මල්ශාලාවේ සේවකයින් සියලු දෙනා එකම ආරක්ෂිත ඇඳුම් කට්ටලය භාවිතා කරමින් දෛනිකව අවමංගල්‍ය කටයුතු සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරියට එරෙහිව ඉදිරි පියවර ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?