මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමණාකරු සහ විෂය භාර ලිපිකරුවෙකු අද (20) දින අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක මගි ප්‍රවාහන අවසර පත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නිලධාරින් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
1
+1
+1
+1





