spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කළමණාකරු අල්ලස් දැලේ

මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාලයේ කළමණාකරු සහ විෂය භාර ලිපිකරුවෙකු අද (20) දින අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම කාර්යාලය යටතේ පාලනය වන නුවරඑළිය ඩන්සිනන් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක මගි ප්‍රවාහන අවසර පත්‍රයක් ලබාදීම සඳහා අල්ලස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම නිලධාරින් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?