මාරක අපල පෙන්වා මුදල් වංචා කල අභිකුණ්ඨක පවුලක් මාට්ටු

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාට මාරක අනතුරු ඇති බවට ශාස්ත්‍රයකින් පවසා යාග හෝම පැවැත්වීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 11ක් සහ ලක්ෂ 07ක් වටිනා ස්වර්ණාභරණ රැගෙන පළා ගිය තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, එකම පවුලේ අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවෙකු සහ ශාස්ත්‍රකාරියන් දෙදෙනෙක්.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි මොවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක පිරිස් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති අතර, ඒ පිළිබඳ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දියණියන් දෙදෙනාට මාරක අපල ඇති බවට පවසමින් සති දෙකක කාලයක් පුරා නිවසෙහි ශාන්තිකර්මයක්ද සිදු කර ඇති අතර, අභිකුණ්ඨකයින් එහි දී ප්‍රකාශ කර ඇත්තේ, පූජා වට්ටිවල ස්වර්ණාභරණ සහ මුදල් තබා අවසන් ශාන්තිකර්මය සිදු කළ යුතු බවට යි.

එහිදී අලුයම් කාලයේදී අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් මුදල් සහ රන් ආභරණ රැගෙන පළාගොස් ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?