මාරක අපල පෙන්වා මුදල් වංචා කල අභිකුණ්ඨක පවුලක් මාට්ටු

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් දෙදෙනාට මාරක අනතුරු ඇති බවට ශාස්ත්‍රයකින් පවසා යාග හෝම පැවැත්වීම සඳහා මුදලින් රුපියල් ලක්ෂ 11ක් සහ ලක්ෂ 07ක් වටිනා ස්වර්ණාභරණ රැගෙන පළා ගිය තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, එකම පවුලේ අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවෙකු සහ ශාස්ත්‍රකාරියන් දෙදෙනෙක්.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි මොවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරික පවුලක පිරිස් රවටා මෙලෙස මුදල් වංචා කර ඇති අතර, ඒ පිළිබඳ පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුවයි අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දියණියන් දෙදෙනාට මාරක අපල ඇති බවට පවසමින් සති දෙකක කාලයක් පුරා නිවසෙහි ශාන්තිකර්මයක්ද සිදු කර ඇති අතර, අභිකුණ්ඨකයින් එහි දී ප්‍රකාශ කර ඇත්තේ, පූජා වට්ටිවල ස්වර්ණාභරණ සහ මුදල් තබා අවසන් ශාන්තිකර්මය සිදු කළ යුතු බවට යි.

එහිදී අලුයම් කාලයේදී අභිකුණ්ඨක ශාස්ත්‍රකරුවන් මුදල් සහ රන් ආභරණ රැගෙන පළාගොස් ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23