මාරක අනතුරු – කුඩා දරුවෙක් ඇතුළු 5ක් මරුට

දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 

ඊයේ (28) සවස අක්කරපත්තු, කල්මුණ මාර්ගයේ අඩ්ඩාලච්චේන ප්‍රදේශයේ දී මාර්ගය හරහා ගමන්ගත් කුඩා දරුවෙක් කැබ් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

බරපතළ තුවාල ලැබු 2 හැවිරිදි දරුවා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර, දඹුල්ල පොලිස් වසමේ ඇටමුල හන්දිය දෙස සිට හුරුලුඇල්ල වේල්ල අතුරුමාර්ගයේ දී කලුන්දාව දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වී එම දෙසටම ධාවනය වු යතුරුපැදියක හා පාරෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පිටුපස ගමන් කළ දෙදෙනෙකුගෙන් එක් අයෙක් ජලය පිරි තිබු ඇළකට වැටී මීටර් 500ක් පමණ ජලයේ ගසාගෙන යමින් සිටිය දී සොයාගෙන ප්‍රදේශවාසීන් දඹුල්ල රෝහල ඇතුළත් කිරීමෙන් පසු 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ගම්පහ පොලිස් වසමේ මොරුපොළ ප්‍රදේශයේ දී බණ්ඩාරවත්ත සිට බෙම්මුල්ල දෙසට ධාවනය වු යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරින් 33 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇත.

එමෙන්ම බුලත්සිංහල පොලිස් වසමේ දවටගහවත්ත පාරට හැරෙන හන්දිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි ව මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරින් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ 46 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මේ අතර ගිරිබාව පොලිස් වසමේ තම්මැන්නාව මැදගම මාර්ගයේ දී රොටරිය සහිත අත්ට්‍රැක්ටඑයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවු අනතුරින් එහි රියදුරු වු අවුරුදු 20ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03