මාමා සමඟ අනියම් ඇසුරක බැඳී සිටි තරුණ දියණිය මාමා අතින් ම ඝාතනය වෙයි

22 හැවිරිදි ඥාති දියණියව ඝාතනය කළ මාමා කෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හර්ඩෝයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මාමා, 22 හැවිරිදි ඥාති දියණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ 22 හැවිරිදි තරුණිය වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමට යන බවට ආරංචි වීමත් සමඟ ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකාර මාමා වන මනිකාන්ත් නැමැත්තා ඝාතනය සිදු කිරීමෙන් පසු පොලිසිය නොමඟ යැවීම සඳහා ඥාති දියණියණියගේ සිරුර ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් අසළට බැහැර කර, ඇයගේ ජංගම දුරකථනය බස් රථයක් තුළට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණිය රක්ෂාබන්ධන් උත්සවය වෙනුවෙන් පසුගිය සඳුදා (19) සිය නැන්දණියගේ නිවසට ගොස් තිබෙනවා.

ඇය ආපසු නොපැමිණිමත් සමඟ ඇයගේ පියා විසින් මනිකාන්ත්ට එරෙහිව පොලිසිය පැමිණිල්ලක් කර ඇත්තේ දියණිව පැහැරගෙන ගොස් ඇති බව පවසමින්.

එම පැමිණිල්ලට අනුව පොලිසිය සැකකාර මනිකාන්ත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමේ දී ඔහු විසින් සිදුකළ අපරාධය අනාවරණය කරගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් සිය ඥාති දියණිය වන මාන්සි සමඟ වසර දෙකක පමණ සිට අනියම් ඇසුරක් හොර රහසේ පවත්වාගෙන ගිය බවයි.

මෑතක දී මාන්සි විසින් වෙනත් කෙනෙකුව විවාහා කරගැනීමට අවශ්‍ය බව පැවසීමත් සමඟ තමන් ඊට කෝපයෙන් සිටි බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය පවසා ඇත්තේ.

එම කෝපයත් සමඟ තමන් ඇයව හුස්ම හිරකර ඝාතනය කළ බව ඔහු පවසා ඇති අතර,පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට මණිකාන්ත් මාන්සිගේ දුරකථනය ධාවනය වන බස් රථයකට විසි කළ බවට පවසා තිබෙනවා.

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ තිබී සොයාගත් තරුණියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
6
+1
1
+1
3
+1
45
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14
Video thumbnail
අසේල කුපිත වී හොඳම එකෙන් දෙසයි.."මුන් අම්මා මුත්තා නැතිවෙන්න බුද්ධ ශාසනයට ග#නවා"
08:43
Video thumbnail
සොරදෙටුවගේ කුරුමාණම අතේ මාට්ටු නේද?..සේවිකාවටත් හිතා ගන්න බෑ සොරා දුන්න ගේම
02:32
Video thumbnail
විදුලිබල මණ්ඩලයට සැර ටොක්කක්.."ඔක්කොම දැන් හොරු සමඟ හෙ#වෙන්"
11:56
Video thumbnail
ආනන්ද පාලිතගෙන් සජිත්ට සැර සත්තමක්.."පතෝල න්‍යාය නෙවෙයි මේක ගසා කෑමේ න්‍යාය"
15:46
Video thumbnail
STF නිලධාරියෙක් විසින් සහෝදරියගේ සැමියා බිහිසුණු අයුරින් එළොව ‍යවලා
01:11
Video thumbnail
හරිනිව අප්‍රසාදයට පත් කරන්න පැලවත්ත කරපු කුමන්ත්‍රණයක් මේක ?දොලවත්තගෙන් සැර සත්තමක්
09:20
Video thumbnail
හදිසියේම මාළිගාවත්තේ ඇතුවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
02:09


?