මාමා සමඟ අනියම් ඇසුරක බැඳී සිටි තරුණ දියණිය මාමා අතින් ම ඝාතනය වෙයි

22 හැවිරිදි ඥාති දියණියව ඝාතනය කළ මාමා කෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හර්ඩෝයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකාර මාමා, 22 හැවිරිදි ඥාති දියණිය සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අදාළ 22 හැවිරිදි තරුණිය වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමට යන බවට ආරංචි වීමත් සමඟ ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

සැකකාර මාමා වන මනිකාන්ත් නැමැත්තා ඝාතනය සිදු කිරීමෙන් පසු පොලිසිය නොමඟ යැවීම සඳහා ඥාති දියණියණියගේ සිරුර ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් අසළට බැහැර කර, ඇයගේ ජංගම දුරකථනය බස් රථයක් තුළට විසිකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ තරුණිය රක්ෂාබන්ධන් උත්සවය වෙනුවෙන් පසුගිය සඳුදා (19) සිය නැන්දණියගේ නිවසට ගොස් තිබෙනවා.

ඇය ආපසු නොපැමිණිමත් සමඟ ඇයගේ පියා විසින් මනිකාන්ත්ට එරෙහිව පොලිසිය පැමිණිල්ලක් කර ඇත්තේ දියණිව පැහැරගෙන ගොස් ඇති බව පවසමින්.

එම පැමිණිල්ලට අනුව පොලිසිය සැකකාර මනිකාන්ත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකිරීමේ දී ඔහු විසින් සිදුකළ අපරාධය අනාවරණය කරගැනීමට හැකිව තිබෙනවා.

එහිදී සැකකරු පොලිසියට පවසා ඇත්තේ තමන් සිය ඥාති දියණිය වන මාන්සි සමඟ වසර දෙකක පමණ සිට අනියම් ඇසුරක් හොර රහසේ පවත්වාගෙන ගිය බවයි.

මෑතක දී මාන්සි විසින් වෙනත් කෙනෙකුව විවාහා කරගැනීමට අවශ්‍ය බව පැවසීමත් සමඟ තමන් ඊට කෝපයෙන් සිටි බවයි සැකකරු වැඩිදුරටත් පොලිසිය පවසා ඇත්තේ.

එම කෝපයත් සමඟ තමන් ඇයව හුස්ම හිරකර ඝාතනය කළ බව ඔහු පවසා ඇති අතර,පොලිස් නිලධාරීන් නොමඟ යැවීමට මණිකාන්ත් මාන්සිගේ දුරකථනය ධාවනය වන බස් රථයකට විසි කළ බවට පවසා තිබෙනවා.

ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලේ තිබී සොයාගත් තරුණියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27