AFC Banner
AFC Banner
Empty Ad

මාමඩල ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් තුනක් රිමාන්ඩ් – 13 හැවිරිදි සැකකරු පරිවාසේට

අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙක් පෙබරවාරි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටින වයස අවුරුදු 13ක සැකකරු කිතුලන්පිටිය පරිවාස මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි නියෝග කර ඇත්තේ.

මෙම සැකකරුවන් අද (04) දිනයේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත්කර ඇත්තේ.

පෙරේදා (02) රාත්‍රියේ සිදුවූ මෙම ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවන් ඊයේ (03) දිනයේ අත්අඩංගුවට ගනු ලැබුවේ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින්.

නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?