මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු අතුරුදන් වීමේ සිදුවීමකට සාක්ෂි දෙන්න සූදානම් – ගෝඨාභය දන්වයි

2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී‍යි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ බව දැනුම්දෙනු ලැබුවේ.

මෙම පෙත්සම ඊයේ (22) ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවයි.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියා.

ඊට පෙත්සම්කාර පාර්ශ්වය විරෝධය පළ නොකළ බව වාර්තා වුණා.

ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම ලබන මාර්තු 18 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කෙරුණා.

2011 වසරේ දෙසැම්බර් 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා එවක ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වනදා පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණා.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් එබැවින් අදාළ සිතාසි බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබුණා.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට නියෝගයක් නිකුත් කර තිබුණු බවයි පැවසෙන්නේ.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07