AFC Banner
AFC Banner
Empty Ad

මාධ්‍ය ඉදිරියේ නඩු ඇසූ පොලිස් ලොක්කන්ට ටිරාන්ගෙන් දැඩි අවවාද

ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට තමන් දැඩිලෙස අවවාද කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අදාළ ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජුල නමැත්තා අත්අඩංගුවට ගෙන අදාළ අපරාධය සැලසුම්කර ආකාරය පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය වෙත පසුගිය දා මුදාහැර තිබුණා.

කෙසේ වෙතත් සැකකරුවෙකුගෙන් එවැනි ආකාරයෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම පිළිබඳව පාර්ශව රැසකගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වුණා.

මෙම තත්ත්වයත් සමඟ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ දී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමින් පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත්කරුනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?