මාධ්‍ය ඉදිරියේ නඩු ඇසූ පොලිස් ලොක්කන්ට ටිරාන්ගෙන් දැඩි අවවාද

ප්‍රසිද්ධ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට තමන් දැඩිලෙස අවවාද කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

අදාළ ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජුල නමැත්තා අත්අඩංගුවට ගෙන අදාළ අපරාධය සැලසුම්කර ආකාරය පිළිබඳව උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් ප්‍රශ්න කරන ආකාරය මාධ්‍ය වෙත පසුගිය දා මුදාහැර තිබුණා.

කෙසේ වෙතත් සැකකරුවෙකුගෙන් එවැනි ආකාරයෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කිරීම පිළිබඳව පාර්ශව රැසකගෙන් පොලිසිය වෙත චෝදනා එල්ල වුණා.

මෙම තත්ත්වයත් සමඟ පොලීසිය විසින් සිදුකරන විමර්ශනවලට අදාළ තොරතුරු මාධ්‍ය වෙත ලබාදීමේ දී අනුගමනය කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදෙමින් පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත්කරුනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14