මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා ලොක්කෙක් හිරේට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවෙකු වූ මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුට බොරු සාක්ෂි ලබා දෙන ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරරත්න ජූනි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබුණු අතර එහි විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම නඩුව ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුවෙකු තමා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ මහේස්ත්‍රාත්වරයා වෙත සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සඳහන් කරනු ලැබුවා.

ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, තමා කොටි සංවිධානයේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු බවත් තමා ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ද එම කඳවුරේ සිටින අයුරු තමා දුටු බවත් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28


?