මාධ්‍යවේදී එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු හමුදා ලොක්කෙක් හිරේට

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂිකරුවෙකු වූ මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුට බොරු සාක්ෂි ලබා දෙන ලෙස තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම නඩුවේ ප්‍රධාන විත්තිකරු වන ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණ දෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරරත්න ජූනි 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩුවක් ගොනු කරනු ලැබ තිබුණු අතර එහි විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී ෂම්මි අර්ජුන කුමාරත්න ඇතුළු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් නව දෙනෙකු නම් කර තිබෙන බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එම නඩුව ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණය හමුවේ සාක්ෂි දුන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියන මුරලි හෙවත් සුරේෂ් කුමාර් නමැති සාක්ෂිකරුවෙකු තමා විසින් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත සහ මහේස්ත්‍රාත්වරයා වෙත සිදුකළ ප්‍රකාශය අසත්‍ය බව සඳහන් කරනු ලැබුවා.

ඔහු පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, තමා කොටි සංවිධානයේ බුද්ධි අංශ ක්‍රියාකාරිකයෙකු බවත් තමා ගිරිතලේ යුද්ධ හමුදා කඳවුරේ අත්අඩංගුවේ සිටියදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ද එම කඳවුරේ සිටින අයුරු තමා දුටු බවත් ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15