UPDATE: කඩා වැටුණු යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනා ම මුදා ගැනේ – හෙලිකොප්ටරය ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශයට අද (09) පෙරවරුවේ කඩා වැටීමෙන් තුවාල ලැබූ එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනා නිරුපද්‍රිත ව බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි ව තිබෙනවා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පුහුණු පියාසර ඇරඹි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේවෙතත් ගුවන් යානාව කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි ව නැහැ.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානාව තුළ ගුවන් නියමුවන් දෙදෙනකු, ගුවන් තුවක්කුකරුවන් දෙදෙනකු,රෙජිමේන්තු හමුදා බලකා නිලධාරීන් (RSF) නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා විශේෂ (Army SF) බලකායේ සාමාජිකයින් සයදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ගුවන් හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තවමත් මාදුරුඔයට ඇද වැටුණු හෙලිකොප්ටරය ජලයෙන් ගොඩගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?