UPDATE: කඩා වැටුණු යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනා ම මුදා ගැනේ – හෙලිකොප්ටරය ගොඩට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි (වීඩියෝ)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශයට අද (09) පෙරවරුවේ කඩා වැටීමෙන් තුවාල ලැබූ එහි සිටි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් 12 දෙනා නිරුපද්‍රිත ව බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි ව තිබෙනවා.

අද පෙරවරු 08.16ට පමණ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් පුහුණු පියාසර ඇරඹි හෙලිකොප්ටරයක් මෙලෙස කඩා වැටී ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේවෙතත් ගුවන් යානාව කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි ව නැහැ.

අනතුර සිදුවන අවස්ථාවේ එම යානාව තුළ ගුවන් නියමුවන් දෙදෙනකු, ගුවන් තුවක්කුකරුවන් දෙදෙනකු,රෙජිමේන්තු හමුදා බලකා නිලධාරීන් (RSF) නිලධාරීන් දෙදෙනකු සහ යුද හමුදා විශේෂ (Army SF) බලකායේ සාමාජිකයින් සයදෙනෙකු සිටි බවයි පැවසෙන්නේ.

ගුවන් හමුදාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, තවමත් මාදුරුඔයට ඇද වැටුණු හෙලිකොප්ටරය ජලයෙන් ගොඩගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් හමුදාව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06