මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක ගින්නක් (ඡායාරූප)

මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති අතර, එය පාලනය කිරීම සදහා ප්‍රදේශවාසීන්, පොලීසිය සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව අද (03) අලුයම වනතෙන් උත්සාහ දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න හේතුවෙන් කර්මාන්තශාලාවේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ අපනයනය සදහා අසුරා තිබූ කොහු විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.

ගින්න හට ගත් ආකාරය පිළිබඳව තවමත් අනාවරණය වී න නොමැති අතර, සිදුව ඇති අලාභ හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

මාදම්පේ ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය තවත් කොහු කර්මාන්තශාලාවක් පසුගිය සතියේ දී ගින්නට හසු වී විනාශයට පත් වුණා.

20
19
18
16
15
11
13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?