ජර්මානු චාන්ස්ලර්වරයා මෝදිගේ උපන් ගමට – 2026 සරුංගල් සැණකෙළියත් ඇරඹෙයි (ඡායාරූප)

ජර්මානු චාන්ස්ලර්වරයා වන ෆ්‍රෙඩ්රික් මර්ස් දෙදින නිල සංචාරයක් සඳහා අද (12) ඉන්දියාවට පැමිණියා.

එම සංචාරය අරඹමින් අද (12) පෙරවරු 10.00ට පමණ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගින් ඉන්දීය අගමැතිවරයාගේ උපන් බිම වන ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් වෙත පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම සංචාරයේ දී ජර්මානු චාන්ස්ලර්වරයා සහ අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන් 2026 සරුංගල් සැණකෙළිය ද ආරම්භ වුණා.

ඒ, අහමදාබාද් නුවර රිවර්ෆ්‍රොන්ට් උද්‍යානයේ දීයි.

ඊට අමතරව ජර්මානු චාන්ස්ලර්වරයා, සබර්මතී – මහත්මා ගාන්ධි ආශ්‍රමය ද දැකබලා ගැනීමට එක් වුණා.

වෙළෙඳාම, ආයෝජන, තීරණාත්මක තාක්ෂණයන් සහ ආරක්ෂක යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව අද අහමදාබාද්හිදී අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර පුළුල් සාකච්ඡා පැවැත්වෙනු ඇති.

ජර්මානු චාන්ස්ලර්වරයාගේ සංචාරය හේතුවෙන් අහමදාබාද් නුවර ආරක්ෂාව තර කර තිබෙන අයුරුත් දක්නට ලැබෙනවා.

WhatsApp Image 2026 01 12 at 10.57.23 AM
WhatsApp Image 2026 01 12 at 10.57.22 AM 3
WhatsApp Image 2026 01 12 at 10.57.22 AM 2
WhatsApp Image 2026 01 12 at 10.57.22 AM 1
WhatsApp Image 2026 01 12 at 10.57.22 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59