‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට දියත් කෙරේ

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට (13) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මිනිස් ජීවිතවලට මෙන්ම පෞද්ගලික හා පොදු දේපළවලට සිදුකරන ලද හානිය ද ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශ කෙරෙහි බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ව්‍යසනයට අදාළ පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන කටයුතුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉහළ මට්ටමේ මනා සම්බන්ධීකරණයෙන් යුතු ජාතික ප්‍රතිසාධන යාන්ත්‍රණයක කඩිනම් සහ හදිසි අවශ්‍යතාව අනුව යමින් ‘Rebuilding Sri Lanka’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

රට නැවත ගොඩනැඟීමේ වැඩසටහන මූල්‍යනය කිරීම මේ වන විට උපක්‍රමික ප්‍රවේශ 03ක් යටතේ සිදු කෙරෙමින් පවතිනවා.

එහිදී ප්‍රමුඛතා මත නැවත සකස් කිරීම (Re-purposing) යටතේ දැනට ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති අතරින් තෝරා ගත් ව්‍යාපෘතිවල අරමුණු වෙනස් කරමින් ක්‍රියාත්මක කිරීම, නැවත ප්‍රතිපාදන වෙන් කිරීම (Re-allocating) යටතේ මූල්‍ය කළමනාකරණ පනතේ ඇති ප්‍රතිපාදන මත පදනම්ව අයවැයෙන් වෙන් වන ප්‍රතිපාදනවලට අමතරව අතිරේක මුදලක් වෙන් කිරීම, ඒ අනුව 2026 වසර සඳහා රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුවක් සිදුකිරීම සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල මගින් දේශීය, විදේශීය සහ රාජ්‍ය, පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ලබා ගැනීම තුළින් සිදුවනවා.

මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන යමින් ‘Rebuilding Sri Lanka’ සඳහා උපායමාර්ගික නායකත්වය, සම්බන්ධීකරණය, සංගත ප්‍රවේශය සහ අධීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් යුතුව අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පසුගියදා ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලැබුවා.

මෙමඟින් මූලික අවශ්‍යතා, සනීපාරක්ෂාව සහ සෞඛ්‍ය නැවත ස්ථාපිත කිරීම, මූලික යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම, ජීවනෝපාය සහ වත්කම් ප්‍රමාණවත් ලෙස ඉහළ නැංවීම, දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම, ඩිජිටල් දත්ත පද්ධති සහ තීරණ සහාය යාන්ත්‍රණය ස්ථාපිත කිරීම, සන්නිවේදනය සහ පාර්ශ්වකාර සම්බන්ධතා වැඩිදියුණු කිරීම යන නැවත ගොඩනැඟීමේ ක්‍රියාකාරකම්වලදී සමස්ත මඟ පෙන්වීම, උපාය මාර්ගික තීරණ ගැනීම, අන්තර් අමාත්‍යාංශ ගැටලු විසඳීම, ප්‍රධාන අරමුදල් සැපයීම ප්‍රතිසාධන සහ ප්‍රතිසංස්කරණවල තීරණ සඳහා මඟපෙන්වීම සිදු කරනු ඇති.

එමෙන්ම ප්‍රධාන කමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ආංශික අමාත්‍යවරයාගේ සභාපතිත්වය යටතේ පහත සඳහන් උප කමිටු පිහිටුවීමටද නියමිතයි.

ඒ අනුව,

  1. ස්වභාවික ආපදාවෙන් සිදුවූ භෞතික, ආර්ථික සහ සමාජයීය බලපෑම් පිළිබඳ දත්ත රැස් කිරීම විශ්ලේෂණය හා ඇගයුම සඳහා පශ්චාත් ආපදා අවශ්‍යතා ඇගයුම් කමිටුව.
  2. ප්‍රවාහනය, විදුලිබලය, ජලය, වාරිමාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ විදුලි සංදේශ ඇතුළු බලපෑමට ලක්වූ යටිතල පහසුකම් පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය කිරීමේදී සම්පත් සම්බන්ධීකරණය, ප්‍රමිතීන් පිළිබඳ සහතික කිරීම ආදිය වෙනුවෙන්, පොදු යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  3. නිවාස, ප්‍රතිසාධන සැලැස්ම මත පදනම්ව බලපෑමට ලක්වූ ප්‍රජාවන් සඳහා හානියට පත් නිවාස ප්‍රතිසංස්කරණය හෝ නව නිවාස ඉදිකිරීම වෙනුවෙන්, පීඩාවට පත් ප්‍රජාවන් සඳහා නිවාස ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කමිටුව.
  4. ජීවනෝපාය සහ ව්‍යාපාර කඩිනමින් ස්ථාවර කිරීමට සහාය ලබාදීම, ප්‍රධාන සැපයුම්දාම නැවත ගොඩනැංවීම, මූල්‍ය සේවාවන් වෙත ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ආර්ථික අවස්ථා සංවර්ධනය කිරීම ආදිය වෙනුවෙන් දේශීය ආර්ථිකය සහ ජීවනෝපායන් පුනර්ජීවනය කිරීමේ කමිටුව.
  5. අධ්‍යාපනය, සෞඛ්‍ය, ජලය, සනීපාරක්ෂාව සහ සුබසාධන සහාය ඇතුළු අත්‍යවශ්‍ය සමාජ සේවා ප්‍රතිෂ්ඨාපනය සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන්, සමාජ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය පිළිබඳ කමිටුව.
  6. අරමුදල් රැස් කිරීම, අයවැය සැලසුම් කිරීම, පරිත්‍යාගශීලීන් සම්බන්ධිකරණය සහ ‘Rebuilding Sri Lanka’ අරමුදල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ විනිවිදභාවයෙන් යුතුව උපයෝජනය කිරීම වෙනුවෙන්, මූල්‍ය සහ අරමුදල් කමිටුව.
  7. පශ්චාත් ආපදා පුනරුත්ථාපන හා ප්‍රතිසාධන අවශ්‍යතා සහ ප්‍රමුඛත්වය ලබාදීම, ප්‍රතිසාධන සැලසුම් උපායමාර්ග මෙහෙයවීම, ක්‍රියාත්මක කිරීම, අධීක්ෂණය සඳහා උසස් විශ්ලේෂණ මෙවලම්, පුරෝකථන ආකෘති සහ නව්‍ය තාක්ෂණය අනුගත කළ තොරතුරු පද්ධති තීරණය කිරීම සහ ස්ථාපිත කිරීම වෙනුවෙන් දත්ත සහ තොරතුරු පද්ධති පිළිබද කමිටුව.
  8. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන වැඩසටහන් පිළිබඳ මහජන සන්නිවේදනය, දැනුවත් කිරීම, පාර්ශ්වකාර සම්බන්ධතා සම්බන්ධීකරණය වෙනුවෙන් මහජන සන්නිවේදනය පිළිබඳ කමිටුව.


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12