ත්‍රිරෝද රථ සොරකම මහා පරිමාණයෙන් කරගෙන ගිය පිරිසක් අත්අඩංගුවට

මිරිහාන පොලිස් ස්ථානයට වාර්තා වී තිබූ ත්‍රිරෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදුකරන ලද විමර්ශනයක් අනුව ත්‍රිරෝද රථ සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් පෙරේදා (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වල දී ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු ඊයේ (11) අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ කරුණු මත සොරාගන්නා ලද ත්‍රිරෝද රථය කුරුවිට ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේ දී යටියන්තොට, බලංගොඩ, බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සැකකරුවන් විසින් සොරා ගන්නා ලද තවත් ත්‍රීරෝද රථ 10ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරුවන් අවුරුදු 30,32 හා 46 වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට සහ පරකඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

සැකකරුවන් විසින් ත්‍රීරෝද රථවල වර්ණය, චැසි අංක හා එංජින් අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු හා ව්‍යාජ ලියකියවිලි සකස්කර අලෙවි කිරීමට සූදානම්කර තිබූ බවයි පොලිසිය පැවසුවේ.

නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56