මාතර – වෙරළ පාරේ වෙඩි තැබීමක්

මාතර, වෙරළ පාර ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් විසින් අවන්හල් හිමිකරුවෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටවත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ අවන්හල් හිමිකරු වෙඩික්කරු සමඟ පොරබැදීමක් සිදුකර ඇති අතර, එහිදී වෙඩික්කරු පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අවිය සහ පතොරම් 04ක් සහ හිස් කොපුවක් එම ස්ථානයේ දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෙඩික්කරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් අනාවරණය වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?