spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාතරදී ලක්ෂ විසි අටක් සමඟ මෝටර් සයිකලයක් සොරාගත් සොරුන් පොලිස් දැලේ

මාතර නගරයේ පුද්ගලික බැංකුවක් අසලදී රුපියල් ලක්ෂ විසි අටක් සමඟ මෝටර් සයිකලයක් සොරාගත් සොරුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට හැකිව තිබෙනවා.

පසුගිය 18 වනදා සිදුවූ මේ සිදුවීම පසු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සිසිටිවි කැමරා ඔස්සේ යමින් කරනු ලැබූ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මාතර සහ ජාැල ප්‍රදේශවලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මුදලින් කොටසක් මවට ශීතකරණක් මිලදී ගැනීමටද භාර්යාවට රුපියල් විසිපන්දාහක මුදලක් හා මීගමු පෙදෙසේ රාත්‍රී සමාජශාලා දෙකක එක් දිනෙකට එක්ලක්ෂ අසූදාහ බැගින් දින දෙකක් වියදම් කොට ඇති අතර මාතර පොල්හේන ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් ලක්ෂ දහයක් සහ ජාඇල ප්‍රදේශය නිවසේ තිබූ ලක්ෂ 13ක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත.

ඉන් එක් අයෙකු යුද හමුදා පැන ආ සෙබළු වන අතර අපරාධ කිහිපයකට සම්බන්ධ බව පොලිසිය විශ්වාස කරයි. අද දින (26) ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. ඔවුන් විසින් සොරාගත් මුළු මුදල බයිසිකලේ වටිනාකමත් සමඟ රුපියල් ලක්ෂ 34 ක් පමණ වන බව පොලිසිය පවසන ලදී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?