ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 20-20 ලෝක කුසලානයට ලංවෙයි

එළෙඹෙන ඔක්තෝම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී ඇරඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.

ඒ, ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයකරමින් ලබාගත් ජයග්‍රහණයත් සමඟයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය් ජයගත්තේ ලකුණු 15කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

මේ අතර මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එළෙඹෙන ඔක්තෝම්බර් 03 වනදා ආරම්භ වන තරගාවලිය දින 19ක් පුරා බංග්ලාදේශයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14