spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ 20-20 ලෝක කුසලානයට ලංවෙයි

එළෙඹෙන ඔක්තෝම්බර් මාසයේ දී බංග්ලාදේශයේ දී ඇරඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (05) සමත් වුණා.

ඒ, ලෝක කුසලානයට සුදුකම් ලබාගැනීමේ තරගාවලියේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පරාජයකරමින් ලබාගත් ජයග්‍රහණයත් සමඟයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගය් ජයගත්තේ ලකුණු 15කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 149ක් රැස් කළා.

ලකුණු 150ක ඉලක්කයක් හඹා ගිය අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි.

මේ අතර මෙවර කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඊයේ (05) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

එළෙඹෙන ඔක්තෝම්බර් 03 වනදා ආරම්භ වන තරගාවලිය දින 19ක් පුරා බංග්ලාදේශයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?