රට රැකියා වංචාවක් කළ හිටපු සෙබළාට පහර දී ඝාතනය කරලා

හිටපු යුද හමුදා සෙබළෙකුට අතින් පයින් සහ පොලුවලින් පහර දී ඝාතනය කර ඇති බව තෙබුවන පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තෙබුවන, තලහිටිය, බේගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ශානක කුරුප්පුආරච්චි නැමැති 51 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු විදේශ ගතකරන බවට පොරොන්දු වී ඔවුන්ගේ රුපියල් ලක්ෂ 08ක මුදලක් වංචාකර සිටි බවට මීට පෙර පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වුණේ.

එලෙස මුදල් වංචාවට හසු වූ පුද්ගලයින් දෙදෙනා තවත් පුද්ගලයකු සමඟ පසුගිය 03 වනදා අදාළ පුද්ගලයාගේ නිවසට පැමිණ ඔහුට පහර දී පැහැරගෙන ගොස් තිබෙනවා.

එලෙස පැහැරගෙන ගිය පුද්ගලයාව අඟුරුවාතොට, මෝටාව ප්‍රදේශයේ ලඳු කැලෑවක් ආසන්නයේ දමා ගොස් සිටිය දී පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

අනතුරුව ඔහුව ගල්පාත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් හොරණ දිස්ත්‍රික් රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පහරදීම සිදුකළ පුද්ගලයින් තිදෙනා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔවුන්ව සොයා විමර්ශන අරඹා ඇති බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57