මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ අනතුරක් – 05 දෙනෙකු රෝහලට

පාදුක්ක – පිටකොටුව පෞද්ගලික බස් රථයක් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වීදුරුවෙහි ගැටී අනතුරක් සිදු ව තිබෙනවා.

මෙම අනතුර අද (12) දහවල් සිදු ව ඇති අතර, අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් පස්දෙනෙකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසන්නේ.

සිදු වූ අනතුරින් අදාළ පර්‍යන්තය සමීපයෙහි නවතා තිබූ බස් රථයකට සුළු අලාභ හානි සිදු ව තිබෙනවා.

පිටකොටුව සිට පාදුක්ක දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් තවත් මගීන් පටවා ගැනීම සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ පර්යන්තයට පැමිණීමේ දී බස් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ආරක්ෂිත වීදුරුවේ ගැටී එහි වීදුරු දෙකක් සම්පූර්ණයෙන් ම විනාශ වී ආරක්ෂිත කණුවකට ද හානි සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරින් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ 50කට අධික බවත් වාර්තා වනවා.

සිද්ධිය සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
4
+1
6
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22