AFC Banner
Empty Ad
Empty Ad

මාඑළිය අධි රක්ෂිතයේ හොරාට මැණික් ගරලා

බගවන්තලාව මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් මැණික් ගරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මස්කෙලිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට ඊයේ (22) මාඑළිය අධි රක්ෂිතයේ සිදුකළ වටලිමක දී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් බොගවන්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ත් 44ත් අතර වයස්වල පසුවන අය බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බගවන්තලාව පොලිස් ස්ථානය වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?