මළ සිරුරු තුනක් හමුවූ ගල්ගමුව නිවසේ පොතක තිබී සටහනක් හමුවෙයි

අද දින (07) උදෑසන ගල්ගමුව මහනාන්නේරිය ප්‍රදේශයේ නිවසක තිබී හමුවූ පුද්ගල මළ සිරුරු තුන හමුවූ නිවසේ පොතක සටහනක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා‍.‍

එම පොත අසලම තිබී ජංගම දුරකතනයක්ද සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

සිද්ධියෙන් වයස අවුරුදු 28 ක විවාහක කාන්තාවක්, ඇගේ දස හැවිරිදි පුත්‍රයා සහ ඇගේ 28 හැවිරිදි අනියම් සැමියා බව කියන පුද්ගලයෙකු මියගොස් තිබුණා.

නිවස තුළ ඇති වූ කිසියම් ආරවුලක් හේතුවෙන් කාන්තාවගේ අනියම් සැමියා කාන්තාව සහ දරුවා ඝාතනය කර ඔහු ද සිය දිවි හානි කරගෙන ඇති බවටයි සැක කෙරුණේ.

කෙසේ වුවද හමුවූ සටහන මියගිය කාන්තාවගේ අනියම් සැමියා විසින් සටහන් කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.‍

පෙර පුවත හදිස්සියේ ගල්ගමුව නිවසකින් මළ සිරුරු 3ක් මතු වෙයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?