මහ සංඝ රත්නය නාවලපිටිය නගරයේ පිණ්ඩපාත චාරිකාවක(ඡායාරූප)

නාවලපිටිය පස්බාගේ කොරලේ බල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානවල සහ පිරිවෙන්වල වැඩ සිටින මහ සංඝ රත්නය ඊයේ (10) දින නාවලපිටිය නගරයේ පිණ්ඩපාතයේ වැඩම කළ බව අප වාර්තාකරු පැවසුවා.

නාවලපිටිය ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කන්ද උඩරට පළාතේ ප්‍රධාන සංඝ නායක , ත්‍රිපිඨකවේදි , ශාස්ත්‍රපති හකිරිල්ලේ ධම්මාලංකාර හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩම කර සිටින මහ සංඝ රත්නය විසින් මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා ගරුතර මහ සංඝ රත්නයේ සියක් නමක් මාර්ග දෙකක් ඔස්සේ නාවලපිටිය නගර මධ්‍යයෙන් වැඩම කර පිණ්ඩපාත චාරිකාවට එක් වි තිබෙනවා.

මෙම පිණ්ඩපාත චාරිකාවේදි පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශවාසින් විසින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කල මහ සංඝ රත්නයට වියළි සලාක පුජා කල අතර , එසේ පුජා කල වියළි සලාක ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින්ට බෙදා හැරිමට මෙම පිංකම සංවිධානය කල ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධම්මාලංකාර හිමියන් කටයුතු කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?