මහ සංඝ රත්නය නාවලපිටිය නගරයේ පිණ්ඩපාත චාරිකාවක(ඡායාරූප)

නාවලපිටිය පස්බාගේ කොරලේ බල ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානවල සහ පිරිවෙන්වල වැඩ සිටින මහ සංඝ රත්නය ඊයේ (10) දින නාවලපිටිය නගරයේ පිණ්ඩපාතයේ වැඩම කළ බව අප වාර්තාකරු පැවසුවා.

නාවලපිටිය ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති කන්ද උඩරට පළාතේ ප්‍රධාන සංඝ නායක , ත්‍රිපිඨකවේදි , ශාස්ත්‍රපති හකිරිල්ලේ ධම්මාලංකාර හිමියන් ඇතුළු එම විහාරස්ථානයේ වැඩම කර සිටින මහ සංඝ රත්නය විසින් මෙම පිණ්ඩපාත චාරිකාව සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම පිණ්ඩපාත චාරිකාව සඳහා ගරුතර මහ සංඝ රත්නයේ සියක් නමක් මාර්ග දෙකක් ඔස්සේ නාවලපිටිය නගර මධ්‍යයෙන් වැඩම කර පිණ්ඩපාත චාරිකාවට එක් වි තිබෙනවා.

මෙම පිණ්ඩපාත චාරිකාවේදි පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශවාසින් විසින් පිණ්ඩපාත චාරිකාවේ වැඩම කල මහ සංඝ රත්නයට වියළි සලාක පුජා කල අතර , එසේ පුජා කල වියළි සලාක ප්‍රදේශයේ අඩු ආදායම්ලාභින්ට බෙදා හැරිමට මෙම පිංකම සංවිධානය කල ශ්‍රි කවිෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධම්මාලංකාර හිමියන් කටයුතු කර තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29