මහ වැස්ස වැඩි වී විමලසුරේන්ද්‍ර වාන් දමයි

නෝටන්බ්‍රිජ් පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මෙම ජලාශය අද පෙරවරුවේ සිට වාන් දමන බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් ප්‍රකාශ කළා.