මහ වැස්සට බණ්ඩාරවෙල නගරයත් ජලයෙන් යටවෙයි (ඡායාරූප)

පවතින අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල නගරයේ කොටසක් අද (15) දහවල් ජලයෙන් යට වුණා.

බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් ඇති කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට මේ සමඟ බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මෙම පියවර ගත් බවයි.

නායයෑමේ අවදානම මත කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් මේ වන විට කොස්ලන්දවත්තේ තේ කර්මාන්තශාලාවක සහ ගනේෂා දමිළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29