මහ වැස්සට බණ්ඩාරවෙල නගරයත් ජලයෙන් යටවෙයි (ඡායාරූප)

පවතින අධික වර්ෂාවත් සමඟ බණ්ඩාරවෙල නගරයේ කොටසක් අද (15) දහවල් ජලයෙන් යට වුණා.

බණ්ඩාරවෙල පන්සල ඉදිරිපිටින් ඇති කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට මේ සමඟ බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අධික වර්ෂාවත් සමඟ හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ පැවසුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිර්දේශ අනුව මෙම පියවර ගත් බවයි.

නායයෑමේ අවදානම මත කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශයේ පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔවුන් මේ වන විට කොස්ලන්දවත්තේ තේ කර්මාන්තශාලාවක සහ ගනේෂා දමිළ විද්‍යාලයේ රඳවා ඇති බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එම පිරිස් වෙත අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළා.

මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි දින කිහිපය තුළ ද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
6
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?