AFC Banner
AFC Banner
Empty Ad

මහ රෑ නිවසට ඇවිත් කාන්තාවකගේ රන් මාලය කොල්ල කාලා

ගල්කිස්ස ප්‍රදේශයේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු වී කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ (20) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 06ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා පසුගිය දෙසැම්බර් මස 26 වන දින කාන්තාවගේ රන් මාලය කොල්ල කා ඇති අතර, ඔහු 54 හැවිරිදි වියේ පසුවන ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අද (21) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?