මහ මුහුද මැද අකුණු සැර වැදී ධීවරයෙක් මරුට

බේරුවල පොලිස් වසමේ මග්ගොන, දියලගොඩ ප්‍රදේශයෙන් ධීවර යාත්‍රාවකින් ධීවර කටයුතු සඳහා දියඹට ගොස් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (07) අලුයම් කාලයේ අකුණු සැර වැදී තිබෙනවා.

එලෙස සැර වැදී සිටි පුද්ගලයින් දෙදෙනා වෙනත් බෝට්ටුවක සිටි පිරිසක් විසින් ගොඩබිමට රැගෙනවිත් බේරුවල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එලෙස රෝහල් ගතකළ ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙක් මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගොඩැල්ලවත්ත, මග්ගොන ප්‍රදේශයේ පදිංචිව සිටි යස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෘත ශරීරය කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?