මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතයේ ඉහළ යාමක්

එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 76%ක වැනි ප්‍රමාණයක් බෙදා අවසන් බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

මේ අතර ප්‍රකාශ කළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු හයලක්ෂ පනස් හතර දාහක් ඒ ඒ තැපැල් කාර්යාල මඟින් අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යැවීම භාරගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම ප්‍රමාණයෙන් තුන්ලක්ෂ පනස් දහකට වැඩි ප්‍රමාණයක් මේ වන්විටත් අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත භාර දී අවසන් බව ද ඔහු සඳහන් කර සිටියා.

ඉතිරිව ඇති තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු මෙම සතිය අවසන්වන විට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීට භාරදීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.

මේ අතර නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය නිමා වූ ජනාධිපතිවරණයට වඩා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?