මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතයේ ඉහළ යාමක්

එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

ඒ, අනුව මේ වනවිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 76%ක වැනි ප්‍රමාණයක් බෙදා අවසන් බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේ.

මේ අතර ප්‍රකාශ කළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු හයලක්ෂ පනස් හතර දාහක් ඒ ඒ තැපැල් කාර්යාල මඟින් අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත යැවීම භාරගෙන ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එම ප්‍රමාණයෙන් තුන්ලක්ෂ පනස් දහකට වැඩි ප්‍රමාණයක් මේ වන්විටත් අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත භාර දී අවසන් බව ද ඔහු සඳහන් කර සිටියා.

ඉතිරිව ඇති තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු ලියාපදිංචි රක්ෂිත පැකට්ටු මෙම සතිය අවසන්වන විට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීට භාරදීමට කටයුතු කරන බව ද ඔහු පවසා සිටියා.

මේ අතර නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ මහ මැතිවරණයේ තැපැල් ඡන්ද භාවිතය නිමා වූ ජනාධිපතිවරණයට වඩා ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29