මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද දෙවැනි දිනටත්

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අදට යෙදී තිබෙනවා.

අද (01) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල දී ඒ සඳහා පහසුකම් සලසා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

මෙවර මහ මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ පළමු දිනය ලෙස පසුගිය 30 වනදා වෙන් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී දිස්ත්‍රික් ලේකම් කාර්යාල , මැතිවරණ කොමිෂන් සභා කාර්යාල , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය, නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, පොලිස් අධිකාරි ,සහකාර පොලිස් අධිකාරි කාර්යාල, පොලිස් ස්ථාන සහ විශේෂ කාර්ය බලකාය, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාශවල කාර්ය මණ්ඩල සහ එම කාර්යාලවලට අනුයුක්ත සිවිල් කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

මෙවර මහ මැතිවරණයේ දී රාජ්‍ය සේවකයින් 7,38,050ක සංඛ්‍යාවක් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

මේ අතර 30 වනදා සහ අද (01) දිනයේ තැපැල් ඡන්දය සලකුණු ඉකිරීමට නොහැකිවන රාජ්‍ය සේවකයින්ට ලබන 07 සහ 08 යන දෙදින ද ඒ සඳහන් වෙන්කර ඇති බවයි මැතිවරණ කොමිසම මීට පෙර දැනුම් දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22