AFC Banner
Empty Ad
Empty Ad

මහ මැතිවරණයට දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් – වැඩිම සංඛ්‍යාව ගම්පහින්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මත පදනම්ව ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපිත කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ, අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකුට පහසුකම් සැලසීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන 1,204ක් ස්ථාපිත කරන බව සඳහන්.

වැඩිම ඡන්ද දායකින් සංඛ්‍යාවක් ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,212ක් ස්ථාපිත කෙරෙන අතර, එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයින් 1,881,129ක්.

කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් 1,024,240ක් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 735ක් ද ස්ථාපිත කිරීමට නියමිතයි.

අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව මන්නාරම දිස්ත්‍රික්කයේ වන අතර, එම සංඛ්‍යාව 90,607ක් බව කොමිසම සඳහන් කරනවා.

එම ඡන්ද දායකයින් සඳහා ඡන්ද මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කෙරෙනවා.

සමස්තයක් ලෙස මෙවර මැතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක් ස්ථාපිත කෙරෙන අතර, ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2,034ක් ක්‍රියාත්මක වනවා.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දායකයින් 17,430,354 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?