මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4 ඉක්මවයි

2024 පෙබරවාරි මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ,2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමක් ලෙසයි. මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයකට සමාන විනිමය හුවමාරු පහසුකමද ඇතුළත් වනවා.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියේ 2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ ගොස් ඇති බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?