මහ පාරේ වැඩ දැමූ දම් රැජින, දුඹුරු ලමිස්සි, රෝස සමනළී ඇතුළු සුරංගනාවියන්ට වැඩ වරදියි

මෝටර් රථ ප්‍රවාහන නීති සහ මාර්ග නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස් රථ කිහිපයක හිමිකරුවන් එම බස් රථ සමඟ අද (02) කොළඹට කැඳවා තිබුණා.

මෙලෙස කොළඹ කැඳවා ඇත්තේ දම් රැජින, දුඹුරු ලමිස්සි, රෝස සමනළී, සුරංගනාවී, නිල් සුරංගනාවී, කිඳුරංගනාවී, ජපන් ලමිස්සි, සොනික් යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ඇතුළු තවත් බස්රථ කිහිපයක හිමිකරුවන් බවයි වාර්තා වුණේ.

එහිදී රථ වාහන පොලිස් නිලධාරීන් සහ මෝටර් රථ ප්‍රවාහන නිලධාරීන් කොළඹ පිටකොටුව ප්‍රදේශයේ දී මෙම බස් රථ පරීක්ෂා කිරීමෙන් පසු ඒවායේ ඇති සියලු නීති විරෝධී කොටස් ඉවත් කර යළි ඉදිරිපත් කරන ලෙස අවවාදකර මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

අදාළ බස් රථ ශාන්තිපුර ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී අන්දමින් මාර්ගයේ ධාවනය කරන අයුරු සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරයවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ලෙස කතා බහට ලක් වුණා.

ඒ, අනුව මහජනතාව විසින් සිදුකර ඇති පැමිණිලිවලට අනුව පොලිස් රථ වාහන මූලස්ථානය විසින් එම බස්රථ සියල්ලේ හිමිකරුවන් බස් රථ ද සමඟ මෙලෙස කොළඹට කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
72
+1
59
+1
265
+1
25
+1
195
+1
30
+1
58
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?