මහ පාරේ වාහනවලට පහර දෙමින් යකා නැටූ පුද්ගලයා රිමාන්ඩ්

බත්තරමුල්ල දියත උයන සහ රාජගිරිය ප්‍රධාන මාර්ගයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් මෝටර් රථ හතරකට තියුණු ආයුධයකින් පහර දී හානි සිදුකළැයි කියන සිද්ධියට අදාළව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය මහතා අද (13) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු වැලිකඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස නියෝග නිකුත් කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක් වන අතර, ඔහු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින අයකු බවත් පොලිසිය අධිකරණයට දැන්වුවා.

සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කළ බවත්, එහිදී මොහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි ව ඇති අයකු වන අතර ඒ වන විටත් ඔහුගේ ශරීරයේ අයිස් ‍සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තැන්පත්ව තිබූ බවට වාර්තාවේ සඳහන් බවයි පොලිසිය අධිකරණයට සඳහන් කළේ.

මෙම සැකකරු මින් ඉහතදී ද අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය මගින් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති අයෙකු බව ද පොලිසිය අධිකරණයට දැන්වුවා.

පසුව මෙම සැකකරුගේ දෙමාපියන් මොහු ‍ඩුබායි රාජ්‍යයේ රැකියාවකට පිටත් කර හැර ඇති බවත් එසේ විදෙස් ගතව සිට නැවත පැමිණ සිටියදී මෙම හානිය සිදුකර ඇති බවද පොලිසිය සඳහන් කළා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිද්ධියට අදාළව ප්‍රගති වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කරනු ලැබුවා.

සැකකරු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29