මහ කන්නයේ වී මිල දී ගන්න රජයෙන් ණය යෝජනා ක්‍රමයක් (වීඩියෝ)

මෙවර මහ කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තකරුවන්ට වී මිලදී ගැනීමට පහසුකම් සැලසීම මෙහි අරමුණයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල වී අස්වනු නෙළිම මේ දිනවල ආරම්භ වී තිබෙනවා.

සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීම එහි දී ගොවීන්ගෙන් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවක් වුණා.

විශේෂයෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් ඉතා සුලු මුදලකට වී මිලදී ගන්නා බවට ගොවීන් චෝදනා කළා.

ඒ අනුව වී මලදී ගැනීමේදී සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්, වී ගබඩාකරුවන් හා වී තොග රැස් කරන්නන් මුහුණ දී ඇති මූල්‍ය දුෂ්කරතා මගහැරවීමේ අරමුණින් ඔඩපණ නම් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙනවා.

මහජන බැංකුව, ලංකා බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකු වෙතින් මෙම ණය පහසුකම සපයා දෙනු ඇති.

අදාළ ණය යෝජනා ක්‍රමය යටතේ රුපියල් බිලියන 09ක ඔඩපණ ණය නිකුත් කිරීමට අපේක්ෂා කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රුපියල් මිලියන 50කද, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් සඳහා රුපියල් මිලියන 25කද උපරිම ණය මුදලක් මේ හරහා ලබා දීමට නියමිතයි.

මෙහිදි ණය ආපසු ගෙවීමට දින 180ක කාලසීමාවක් හිමි වන අතර, 15%ක් වන වාර්ෂික පොලී අනුපාතයෙන් 4%ක්ම හා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත ලබා දෙන බැවින් අදාළ ණය ගැණුම්කරුවන් විසින් ගෙවිය යුත්තේ 1%ක වාර්ෂික පොලී අනුපාතයක් පමණයි.

උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙක්ට්‍රික් ටොන් 25කට යටත් වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, ප්‍රමාණවත්
ගබඩා පහසුකම් ඇති ගබඩා හිමියෙකු හෝ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෙකු සමඟ ඇති කර ගන්නා ලදවලංගු ගිවිසුමක් ඇති, වී තොග රැස්කරන්නන්, මෙම ඔඩපණ ණය යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම ලබනවා.

මහ කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමත් සමඟ ගොවියාට නාඩු වී කිලෝවකට රුපියල් 105/-ක, සම්බා වී කිලෝවකට රුපියල් 120/-ක සහ කීරි සම්බා වී කිලෝවකට රුපියල් 130/-ක සහතික මිලක් ලබාදීම වෙනුවෙන් ණය ප්‍රදානය කිරිම මෙහි අපේක්ෂාවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?